Saturday, June 30, 2012

Poem By Rasanka

හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේසුරතින් දැල්වූ
මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා




_____________________________________


Share your love for your loved ones on සිහින සිත්තම් 
Email your love creations with සිහින සිත්තම් - Email supun.online@yahoo.com

No comments:

Post a Comment

Anybody can comment here. Use the option "Anonymous" from the drop down list.
Please type your name or your email address in the comment